අනුරාධපුර හා පොළොන්නරුවේ ගොයම් කැපීම ඇරඹේ

යල කන්නයේ ගොයම් කැපීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස නිකුත් කිරීමට පියවර

by Staff writer 09-08-2022 | 7:34 AM

COLOMBO (News 1st) - මෙවර යල කන්නයේ ගොයම් කැපීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොයම් කැපීම ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ඩීසල් ලබාදීම සිදු කරන බවයි. මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ද ඩීසල් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්ත්‍රික්කවල ගොයම් කැපීම බොහෝ දුරට නිමා කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ද ගොවි නියෝජිතයින් ඊයේ දිනයේ මුණ ගැසී ගොයම් කැපීම සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කළේය.