බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ අද විරෝධතාවක

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ අද විරෝධතාවක

by Staff writer 09-08-2022 | 7:19 AM

COLOMBO (News 1st) - බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද (09) දිනයේ කොළඹ හා ප්‍රදේශ ගණනාවක විරෝධතා පවත්වන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

ඊට සමගාමීව කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාව තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළේ ය. මෙම විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපොළවලට හානි කිරීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මහේස්ත්‍රාතවරයා අවධාරණය කර සිටියේය. මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය පිළිබඳ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකුමුතුව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා සැලසුම් පැහැදිලි කළේ ය.