by Staff writer 09-08-2022 | 7:44 PM
COLOMBO (News1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(09) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයට පැමිණ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට කැපවූ යුද හමුදා සාමාජිකයින් ඇගයීමට ලක් කළේය.
යුද හමුදා මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසිනි.
අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා උත්තමාචාරයක් පිරිනැමුණි.
ජනාධිපතිවරයා සමග අගමැතිවරයා, කතාකනායකවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ යුද හමුදා සාමාජිකයින්ට ප්‍රණාම සහතික පිරිනැමුවේය.
https://youtu.be/iutdpE_D7eM