ධීවර ජනතාවට දැනුම් දීමක්..

ධීවර ජනතාවට අවධානයෙන් පසුවන්නැයි කාලගුණයෙන් දැනුම් දීමක්

by Staff writer 09-08-2022 | 7:39 AM

COLOMBO (News 1st) - පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ භාවිත කරන ධීවර සහ නාවුක ජනතාවට අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි කාර්යේ නියතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය සඳහන් කළේ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ භාවිත කරන ධීවර ජනතාවට අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

මේ අතර ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ 80% ක් පමණ පිරි ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, මේ දිනවල ජල විදුලියෙන් 55% ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බවයි.

තාප බලාගාරවලින් ලබා ගන්නේ 24% ක් පමණි.

රන්දෙනිගල ජලාශය හැරුණු විට අනෙකුත් ජලාශවලින් බොහෝ ප්‍රමාණයකට වර්ෂාව මේ වනවිට ලැබී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පැවසීය.