ජල හා මළාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජල හා මළාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

by Staff writer 09-08-2022 | 12:22 PM

COLOMBO (News 1st) –  දැනට අයකරනු ලබන ජල ගාස්තු හා මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ති‌බේ. 

ඒ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායිතාව තහවුරු කිරීම සහා ජනතාවට අඛණ්ඩව  හා බාධාවකින් තොරව ජල සැපයීමේ අරමුණිනි. 

එමෙන්ම අඛණ්ඩ ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීම සඳහා මිල සූත්‍රයක් මත පදනම් ව සෑම මාසයකම 05 වන දා ගෑස් මිල සංශෝධනය කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවිය. 

මේ අතර ජපන් භාෂා ප්‍රවීණතාව පාසල් සිසුන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවිය. 

ඒ ඉදිරි වසර 5ක කාලය සඳහා ජපන්  රජයේ  රැකියා ඉලක්ක කරගනිමිනි. 

ඒ අනුව තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් සහ ඉංග්‍රීසි  භාෂාව ඉගැන්වීමට සහ සාත්තු සේවා, අගන්තුක සත්කාරක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක කුසලතා වර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ.