.webp)
COLOMBO (News 1st) – දැනට අයකරනු ලබන ජල ගාස්තු හා මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායිතාව තහවුරු කිරීම සහා ජනතාවට අඛණ්ඩව හා බාධාවකින් තොරව ජල සැපයීමේ අරමුණිනි.
එමෙන්ම අඛණ්ඩ ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීම සඳහා මිල සූත්‍රයක් මත පදනම් ව සෑම මාසයකම 05 වන දා ගෑස් මිල සංශෝධනය කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ අතර ජපන් භාෂා ප්‍රවීණතාව පාසල් සිසුන්ට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ ඉදිරි වසර 5ක කාලය සඳහා ජපන් රජයේ රැකියා ඉලක්ක කරගනිමිනි.
ඒ අනුව තාක්ෂණික විෂය ධාරාව යටතේ ජපන් සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට සහ සාත්තු සේවා, අගන්තුක සත්කාරක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක කුසලතා වර්ධනය කිරීමට අවධානය යොමුව තිබේ.