ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 09-08-2022 | 6:08 AM

1. යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම කල් දමන්න – විදේශ අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයට දැනුම් දෙයි - වර්ධනයන් සහ වැඩිදුර උපදේශන ගැන සඳහන් කරමින් යුවාන් වැන්ග් ෆයිව් චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

2. සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල්ට ඇප - පසුගියදා සිදු වූ කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇප මත මුදා හැර තිබේ.  

3. නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා කෙරේ - නව විදුලි හා ජල සබඳතා ලබා දීම තාවකාලිකව සීමා කර තිබේ.

4. තවත් IOC ඉන්ධන පිරවුම්හල් 50ක්.. - තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් අලුතින් ආරම්භ කිරීමට ලංකා IOC සමාගමට අවසරය ලැබී තිබේ. 

5. ජෝසප් ස්ටාලින්ට ඇප.. - රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (08) නියෝග කළේය.