ගයාන් ද මෙල්ට ඇප

සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල්ට ඇප

by Staff Writer . 08-08-2022 | 4:32 PM

COLOMBO (News 1st) - පසුගියදා සිදුවූ කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක ගයාන් ද මෙල් මහතා ඇප මත මුදා හැර තිබේ. 

ඒ ඔහු අද(08) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

රුපියල් ලක්ෂය බැගින් වූ  පුද්ගලික ඇප 06 ක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.