පොලීසියේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කෙරේ

විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවක් තහනම් කිරීමට පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 08-08-2022 | 3:02 PM

COLOMBO (News 1st) - බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට (09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ  පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (08)  ප්‍රතික්ෂේප කළේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අවධාරණය කළේ, එම විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපොළවලට හානි කිරීමක් සිදු වූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය ඇති බවය.

කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.