යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණීම කල් දමන්න – විදේශ අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයට දැනුම් දෙයි

කර්තෘ Chathurika Jayasundara

08 Aug, 2022 | 11:39 pm

COLOMBO (News 1st) – වර්ධනයන් සහ වැඩිදුර උපදේශන ගැන සඳහන් කරමින් යුවාන් වැන්ග් ෆයිව් චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස ශ්‍රී  ලංකා විදේශ අමාත්‍යාංශය කොළඹ චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, අගෝස්තු මස 11 සිට 17 දක්වා අදාළ චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල් දමන්නැයි කොළඹ චීන තානාපති කාර්යාලයට දැනුම් දුන් බවය.

චන්ද්‍රිකා ලුහුබැඳීම හා රොකට් නිරීක්ෂණය ඇතුළු පහසුකම් සහිත චීනයේ අධි තාක්ෂණික නිරීක්ෂණ නෞකාව අද (08) පස්වරුව වනවිට යාත්‍රා කරමින් තිබුණේ හම්බන්තොටට නාවික සැතපුම් 900ක් දුරිනි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]