හෙට(08) මධ්‍යම රාත්‍රියේ ලිට්‍රෝගෑස් මිල පහළ දමනවා

හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළ දමනවා - ලිට්‍රෝ සභාපති

by Staff writer 07-08-2022 | 3:42 PM

COLOMBO (NEWS1ST): ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බව, ලිට්‍රෝ සමාගම පවසයි. 

එහි සභාපති මුදිත් පිරීස් මහතා සඳහන් කළේ, අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක වීම හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කෙරෙන බවයි.

මේ අතර, වසර දෙක හමාරකට පසුව සිය සමාගම ලාභ ලබමින් ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, ජූලි මාසයේ සිට සමාගම යළි ලාභ ලබන බවයි.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3,800ක් රැගත් තවත් නෞකාවක් හෙට(08) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අනිද්දා(09) උදෑසන සිට එම නෞකාවේ ගෑස් ගොඩබෑම ආරම්භ කරන බවයි.