චීන නැව පැමිණීම කල් දමන්නැයි ලංකාව චීනයෙන් ඉල්ලයි

චීන නැව මෙරටට පැමිණීම කල් දමන්නැයි ලංකාව චීනයෙන් ඉල්ලා සිටි බව විදේශ අමාත්‍යාංශය තහවුරු කෙරේ

by Staff Writer . 07-08-2022 | 11:39 AM
COLOMBO (News 1st) - ආන්දෝලනයට ලක්ව ඇති 'යුවාන් වැන්ග් 5' චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණිම කල් දමන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේ ය. ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ (06)  වාර්තා කර තිබුණේ රාජ්‍යයන් දෙක අතර ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම ඉල්ලීම කර ඇති බවය. එම ඉල්ලීම චීනයේ බලයට වඩා අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂාවට ගරු කිරීමක් බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේ ය. එම නෞකාවට ඉන්ධන සහ ආහාර ඇතුළු නැවත පිරවීම් සඳහා Sea of Sri Lanka කලාපයේ හම්බන්තොටට පැමිණීමට, පසුගිය ජුලි 12 වැනිදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයට වාචික අනුමැතියක් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේ ය. https://youtu.be/6_WlhmpaK9o