තායිවානයේ ප්‍රහාරක ගුවන් යානා අහසට

චීනයට පිළිතුරු ලෙස තායිවානයේ ප්‍රහාරක ගුවන් යානා අහසට

by Staff Writer . 07-08-2022 | 11:33 AM

COLOMBO (News 1st) - නෞකා සහ ගුවන් යානා යොදාගනිමින් තායිවාන සමුද්‍ර සන්ධියේ චීනය යුද අභ්‍යාසයක් දියත් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, එය සිය රටේ සැලසුමට අනුව කළ පෙරහුරුවක් බවයි.

ඔවුන්ට අනතුරු ඇඟවීමට තායිවානය ප්‍රහාරක ජෙට් යානා ගුවන්ගත කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

චිනයේ එම අභ්‍යාසය, ප්‍රකෝපකාරී සහ වගකීම් විරහිත ක්‍රියාවක් බවට අමෙරිකාව චෝදනා එල්ල කරයි.

ධවල මන්දිරය පැවසුවේ, තායිවානය සම්බන්ධයෙන් පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය උත්සාහ කරමින් ඇති බවයි.
අමෙරිකානු කතානායක නැන්සි පෙලෝසිගේ නායකත්වයෙන් යුත් අමෙරිකානු දූත පිරිසක් කළ තායිවාන සංචාරයකින් පසුව මෙම අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරිණි.

චීනය එම සංචාරය සලකන්නේ සිය ස්වෛරීභාවය පිළිබඳ ප්‍රකාශයන්ට අමෙරිකාව සිදුකළ අභියෝගයක් ලෙසය.