ගුවන් සහ නාවික හමුදාවලට ඕස්ට්‍රේලියාවෙන් ඉන්ධන

ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් ඉන්ධන පරිත්‍යාගයක්..

by Staff writer 07-08-2022 | 5:56 PM

COLOMBO (NEWS1ST): ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 450 ක් ලබාදී තිබේ. 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සඳහන් කළේ, නාවික මෙහෙයුම් සඳහා කෙරෙන පරිත්‍යාගයක් ලෙස එම ඉන්ධන තොගය හිමිවූ බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්ධන ලීටර 27, 000 ක් ලබා දී තිබේ. 

ජෙට් යානා වෙනුවෙන් එම ඉන්ධන තොගය ලබාදුන් බව, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ය.