.webp)
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) සඳහන් කළේ, ගම්පහ මාකේවිට ප්‍රදේශයේ නිවසක කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 600 ක්, ජංගම දුරකතන සහ මුදල් තොගයක් විශේෂ කාර්ය බලකා භාරයට ගැනිණි.
ඔවුන් අපරාධකරුවන් සඳහා ජංගම දුරකතන ලබාදෙන බව ද අනාවරණය වී තිබේ.