.webp)
COLOMBO (NEWS1ST): නවගමුව පොලිස් ස්ථානය තුළදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසීය සඳහන් කළේ, පැමිණිල්ලක් විභාග කිරීමට සූදානම් වන අවස්ථාවේ එය සිදුව ඇති බවයි.
රනාලේ පදිංචි කාන්තාවක් සමග අනියම් සබඳතා පැවැත්වූ පුරුෂයින් දෙදෙනෙකු පොලිස් ස්ථානයට කැඳවා තිබුණේ ඊට අදාළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහායි.
එම අවස්ථාවේ එක් පුද්ගලයෙකු පිහියක් ඇන අනෙක් පුරුෂයා ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි කරවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
42 හැවිරිදි සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.