2021 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විශේෂ පණිවුඩයක්..

2021 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විශේෂ පණිවුඩයක්..

2021 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වූ සිසුන්ට විශේෂ පණිවුඩයක්..

කර්තෘ Staff writer

06 Aug, 2022 | 11:33 am

COLOMBO (News 1st); 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිට එහෙත් ප්‍රායෝගික පරීක්ෂණයේ කොටසකට හෝ සම්පූර්ණ පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකිවූ සිසුන් වෙනුවෙන් එම පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින් ලබන 10 වැනි දිනට පෙර ඊට ඉල්ලුම් කළ යුතු ය.

ඒ සඳහා විභාග අංකය, නම, විෂය හා ඔබගේ දුරකතන අංකය 071815 6717 යන දුරකතන අංකයට Whatsapp කළ යුතු වේ.

[email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ද ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කල හැකි ය.

ලබන 10 වැනි දිනට පසුව ඉදිරිපත් කරන ඉල්ලිම් සඳහා අවස්ථාව නොලැබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]