.webp)
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා,
විශේෂයෙන් නීතියේ ආධිපත්‍ය ගැන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන ඇයි අපි මේ තරම් උනන්දුවක් ගත්තේ. ඇයි මේ ආර්ථික ප්‍රශ්න ගැන නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවේ. මොන දේශපාලන පක්ෂය බලයේ හිටියත් වැරදි දේ වෙනවා නම් ඒ වැරදි දේ වැරදි. අපි ඒ ස්ථාවරයේ ඉන්න ඕනි. සමහර විට අපි ගන්න ස්ථාවර හැමෝම අතර ජනප්‍රිය වෙන එකක් නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අධ්‍යයනය කරලා තියෙන සාමාජිකයින් කිහිපදෙනෙක් අනතුරු ඇඟෙව්වා මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් එන්න යනවා කියලා. අපි මේ ගැන විධායක කමිටුවේ සාකච්ඡා කරලා අපි චේම්බර් ඔෆ් කමර්ස් එකත් එක්ක සාකච්ඡා කළා. අපි කතා කරද්දී ඒ චේම්බර් ඔෆ් කමර්ස් එකේ නිලධාරීන්ටත් හැඟීමක් තිබුණා මෙහෙම ප්‍රශ්නයක් වෙන්න යනවා කියලා. හැබැයි ඒ වෙලාවේ මම හිතන්නේ ඒ ගොල්ලෝ කැමති වුණේ නෑ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කරන්න. අපි තීරණය කරා එහෙම ප්‍රකාශයක් නිකුත් කරන්න ඒකට පදනම් වුණේ මේ රටේ ආර්ථිකය මේ විදිහට කඩාගෙන වැටෙනවා නම් ඒකෙන් නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් වෙනවා. නීතිය හා සාමයට තර්ජනයක් වෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ නෑ ආර්ථිකය මේ විදිහට විසඳන්න කියලා. නමුත් අපි ඉල්ලා සිටියේ පියවර ගන්න කියලා.
සාලිය පීරිස් මහතා මේ අදහස් පළ කළේ, රජයේ නීතිඥ සංගමය දීපව්‍යාප්තව පවත්වන නීති සැසි සමුළුවේ හම්බන්තොට පැවති වැඩසටහනට එක්වෙමිනි.