එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට සුබ පැතුම්!

මානව හිමිකම් ප්‍රවර්ධනයට එ. ජා. සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා - ඇන්ටෝනියෝ ගුටරේස් ජනපතිට කියයි

by Staff writer 06-08-2022 | 4:15 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුභාශිංසන එක් කර තිබේ.

විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

එසේ කිරීමේදී, මහජනතාව සමග අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඇන්ටෝනියෝ ගුටරේස් මහතා පෙන්වා දුන් බවය.

 
?එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපති රනිල්ට සුභාශිංසන

?එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ජනපති රනිල්ට සුභාශිංසන https://youtu.be/z-UyG9zXEOU #lka #SriLanka #SLnews #News #BOC

Posted by Newsfirst.lk on Saturday, August 6, 2022