බත් පැකට්ටුවක සහ ප්ලේන්ටියක මිල පහළට

බත් පැකට්ටුවක සහ ප්ලේන්ටියක මිල පහළට

by Staff writer 06-08-2022 | 6:04 PM

COLOMBO (News 1st) - ලබන සඳුදා (08) සිට බත් පැකට් එකක සහ ප්ලේන්ටියක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ගෑස් මිල, ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීම හමුවේ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළැඹි බවය.