නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් දීර්ඝ කරේ

දිස්ත්‍රික්ක 7කට නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරේ

by Staff writer 06-08-2022 | 6:06 PM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 7 කට නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ ඉවත්වීමේ රතු නිවේදනය වර්ෂාවේ අඩු වීමත් සමග ඉවත් කිරීමට පියවර ගත් බවයි.

මේ අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා වැඩිවිය හැකි බව ද සඳහන් වේ.