ඛනිජ තෙල් සමාගම් ඇගැයීමට කමිටුවක්

ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගැයීමට කමිටුවක්

by Staff writer 06-08-2022 | 3:33 PM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගැයීමට කමිටුවක් පත්කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාල ඇගැයීම් ආරම්භ කිරීමට පෙර දැන්වීම් මාර්ගයෙන් අරමුණු පැහැදිලි කිරීමට නියමිත බවයි.

මෙමගින් CPC හා IOC සමාගම් සමග ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව ලැබෙනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් ක‍ළේ ය.