.webp)
එම වාර්තාවේ සඳහන් වූයේ, රජයන් දෙක අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බවයි.
අමෙරිකානු කතානායක නැන්සි පෙලෝසිගේ තායිවාන ගමන මුල්කරගෙන චීනය හා අමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති අතර දෙපාර්ශ්වයම තායිවානය සමීපයේ සිය යුද ශක්තිය තහවුරු කරමින් සිටී.
චීනය අඛණ්ඩව තායිවානය සමීපයේ යුද අභ්‍යාසවල නිරතවන අතර අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල ඇතුළු සජීවි උණ්ඩ කිහිපයක්ම ඔවුන් මුදා හල අතර ඇතැම් ඒවා ජපාන මුහුදට පතිතවීමත් සමග තත්ත්වය තවත් සංකීර්ණ වෙමින් තිබේ.
අමෙරිකාව ද සිය ප්‍රබලතම යුද නෞකා තුනක් දැනටමත් තායිවානයට ආසන්නව ස්ථානගතකර ඇති අතර කලාපය මේ තත්ත්වයත් සමග ඇත්තේ උණුසුම් තත්ත්වයකයි.
චීනයේ අධිතාක්ෂණික නිරීක්ෂණ හා ගවේෂණ නෞකාවක් වන 'යුවාන් වැන්ග් 5' නෞකාව චීනයේ සිට සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයේ හම්බන්තොට වරායට යාත්‍රා කරමින් සිටින්නේ, ගෝලීය භූදේශපාලනයේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති අවස්ථාවකයි.
ඉන්දියාව මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකන අතර එය හම්බන්තොට වරයාට පැමිණීම න්‍යෂ්ටික බලාගාර දෙකක් ඇතුළු ආරක්ෂක මර්මස්ථාන ගනණාවක් අනතුරට පත්කිරීමක් ලෙස ඔවුන් සලකයි.
ඔවුන් පවසන්නේ, සිය සබ්මැරීන නිරීක්ෂණය කර තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද මෙම නෞකාව සතු බවයි.
කොළඹ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ, මෙම නෞකාවට ඉන්ධන හා ආහාර ඇතුළු නැවත පිරවීම් සඳහා සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයේ හම්බන්තොටට පැමිණීමට පසුගිය ජුලි 12 වැනි දා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයට වාචික අනුමැතියක් ලබාදී ඇති බවයි.
නමුත් නෞකාවේ පැමිණීම කල් දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ යළිත් චීනයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.
මෙම ඉල්ලීම චීනයේ බලයට වඩා අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගරු කිරීමක් බව හින්දුස්ථාන් ටයිම්ස් පවසයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පසුගිය කාලසීමාවේ ඉන්දියාව ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන තුනහමාරකට වඩා මුදල් පහසුකම් ලබාදී ඇති බවයි.
මෙවැනි පසුබිමක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් එවන ලද සුබපැතුම් ලිපියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා පිළිතුරු යවා ඇත.
ඔහු ඉන්දීය අගමැතිවරයාට දැනුම්දී ඇත්තේ, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී බැඳීම් විවිධ අංශ ආවරණය කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහයෝගීතාවයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
මේ අතර පසුගිය දා චීන තානාපතිවරයා හමුවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන්ම ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම තමන් අවධාරණය කළ බවයි.
සිය නෞකාව සම්බන්ධයෙන් චීනය දක්වන ප්‍රතිචාරය කුමක්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අප විදේශ කටයුකු අමාත්‍යංශයේ ලේකම්වරිය, විදේශ අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.
ඉන්දියානු මාධ්‍ය මේ අයුරින් වාර්තා කළත් අගෝස්තු 11 වැනි දා නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට කලින් සැලසුම් කර තිබුණි.
? යුවාන් වැන්ග් 5 චීන නෞකාව ගමන්මග වෙනස් කළාද?? යුවාන් වැන්ග් 5 චීන නෞකාව ගමන්මග වෙනස් කළාද? හම්බන්තොටට පැමිණීම කල් දමන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කළාද? https://youtu.be/z-UyG9zXEOU #lka #SriLanka #SLnews #News
Posted by Newsfirst.lk on Saturday, August 6, 2022