මර්දනයට එරෙහිව නුගේගොඩදී විරෝධතා පාගමනක්

"අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." - විරෝධතා පාගමනක් නුගේගොඩදී

by Staff writer 06-08-2022 | 5:07 PM

COLOMBO (News 1st) - පක්ෂ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සංවිධානය කළ විරෝධතා පා ගමන් කිහිපයක් අද (06) නුගේගොඩ අවට ප්‍රදේශවලින් ආරම්භ වී තිබේ.

"අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." යන තේමාවෙන්, මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට හා පැහැරගැනීම්වලට එරෙහිව එක් විරෝධතා පා ගමනක් ආරම්භ වුණේ දෙල්කඳ ප්‍රදේශයෙනි.

කිරුළපන ප්‍රදේශයෙන් තවත් විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර එම පිරිස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පිඨයට එක්විය.

 

 
? "අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." - විරෝධතා පා ගමනක් නුගේගොඩදී

? "අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." - විරෝධතා පා ගමනක් නුගේගොඩදී #lka #News1st #UNI

Posted by Newsfirst.lk on Saturday, August 6, 2022