4 වන මාත්‍රාව එන්නත්කරණයට ජංගම රථ..

කොවිඩ් මර්දන 4 වන මාත්‍රාව එන්නත්කරණයට ජංගම රථ..

by Staff writer 06-08-2022 | 11:42 AM

COLOMBO (News 1st);  කොරෝනා මර්දන සිව්වන එන්නත්කරණය සඳහා ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, හඳුනාගත් සහ අවශ්‍යතාව අනුව, ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවය.

මීට අමතරව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගත හැකි බව ද, ඔහු පැවසුවේ ය.

මේ වනවිටත් බොහෝ පිරිසක් ඊට අනුගත වෙමින් ඇතැයි, ලේකම්වරයා පෙන්වා දුන්නේය.