.webp)
COLOMBO (News 1st) – උඩුගම්පොල, කෙහෙල්බද්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 10.20ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් කොණ්ඩා කපන ස්ථානයක රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.