උදේනි කළුතන්ත්‍රී ඇතුළු 7 ක් යළි රිමාන්ඩ්

වරාය ජාතික පොදු සේවක සංගමයේ සභාපති ඇතුළු 7 ක් යළි රිමාන්ඩ්

by Staff writer 05-08-2022 | 6:14 PM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වරාය ජාතික පොදු සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රී ඇතුළු හත්දෙනෙක් ලබන 12 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළ අතර ජනාධිපති මන්දිරේට අයුතු ලෙස ඇතුළ් වී ජනාධිපතිවරයාගේ කොඩිය ඇඳ ඇතිරිල්ලකට භාවිත කරමින් සෙල්ෆි ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීම සම්බන්ධයෙන් ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. 

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඉදිරි දිනට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර සිටියේ ය.