.webp)
ඔහු මේ අදහස් පළ කළේ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (05) පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් ලෙට්ස් රී සෙට් ශ්‍රී ලංකා නමින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ ඇඩ්වකාටා ආයතනයයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම මෙහිදී සිදු වූ අතර ඊට සමගාමීව විද්වත් කථිකාවක් ද පැවැත්විය.
ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා,
මුලින්ම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කරගත යුතුයි. මම හිතන්නේ නෑ මේ ඇරෙන්න තවත් විකල්පයක් තියෙයි කියලා. සමහර අය විකල්ප යෝජනා ගැන කථා කරනවා. නමුත් ඒ එකක්වත් හරි ගිහින් නෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී මට්ටමින් එකඟතාවක් ඇති කර ගන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කිසියම් සාමාජිකයෙක් හෝ දේශපාලන පක්ෂයක් කියනවා නම් මේක හරියන්නේ නෑ කියලා එහෙනම් අපිට තියෙනවා අයිතියක් ඔවුන්ගෙන් අහන්න මොකද්ද ඔවුන්ගේ විකල්පය කියලා. සියලුම දේශපාලන පක්ෂ මෙයට එකඟ විය යුතුයි. මෙය එතරම් ලෙහෙසි පහසු කාර්යක් නෙවෙයි. නමුත් බැරෑරුම් රෝගයකට තියෙන කිසිදු ප්‍රතිකාරයක් එතරම් ලෙහෙසි නෑ. ඉතින් අපි ගමන් කළ යුතු මාර්ගය අපි දන්නවා. දෙවනුව සහ වඩාත් වැදගත්ම කාර්ය තමයි අපි තිරසාර ණයකට එකඟ වෙන්න වෙනවා. මුලින්ම විදේශ ණය. අපේ ණය නිල මට්ටමින් ගත්තොත් අපිට මෙය විසඳගන්න හදන විට භූ දේශපාලනයට නතුවෙන්න සිද්ධ වෙන්නත් පුළුවන්. එය තමයි අපිට මුලින්ම මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය. අපි භූදේශපාලනයට අහු වෙනවා ද? නැත්තම් අපේ මාර්ගය හොයාගෙන යනවා ද? ඇත්තටම මෙය අසීරු කාලයක්. මම ඒක නෑ කියන්නේ නෑ. පළවෙනි මාස 6 ඉතා දුෂ්කර කාල සීමාවක්. අපිට අපි කිසිදා අත්විඳපු නැති අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් මීට වඩා හොඳ විකල්පයක් තියෙනවා කියලා අපිට ඒකට ඇහුන්කම් දෙන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුව තීරණය කරාවි මොකක්ද හොඳ කියලා. එහෙම නැතිව වෙන කරන්න කිසි දෙයක් ඉතිරි වෙලා නෑ.
?පළවෙනි මාස 6 ඉතා දුෂ්කර කාල සීමාවක්?පළවෙනි මාස 6 ඉතා දුෂ්කර කාල සීමාවක් ?අපි කිසිදා අත්විඳපු නැති අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් -ජනපති- #lka #SriLanka #SLnews #UNI
Posted by Newsfirst.lk on Friday, August 5, 2022