.webp)

COLOMBO (News 1st) – ගල්කිස්ස අධිකරණ සංකිර්ණයේ අංක 2 අධිකරණය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් විභාගවෙමින් තිබියදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි.
නඩුවට අදාළ විත්තිකරුවෙකු විත්ති කූඩුව මත සිටියදී ඔහු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවයි.
පසුව වෙඩි තැබු පුද්ගලයා පිරිස බිය ගැන්වීම සඳහා තවත් වෙඩිල්ලක් තබමින් අධිකරණ සංකීරණයෙන් පලාගොස් තිබේ.
