2022 අය - වැය කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුව

2022 අය - වැය සංශෝධිත පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුවට

by Hashini De Mel 03-08-2022 | 5:27 PM

 

2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. 

එම තීරණය ගෙන ඇත්තේ අද (03)  පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9 , 10 සහ 12 යන දිනවල පැවැත්වීමට නියමතියි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.