වැඩි මිලට විකුණන්න ගිය ඩීසල් බවුසරයක් අල්ලයි

වැඩි මිලට විකුණන්න ගිය ඩීසල් ලීටර් 6,600ක් රැගත් බවුසරයක් අල්ලයි

by Staff writer 03-08-2022 | 4:02 PM

COLOMBO (News 1st) - වැඩි මිලට අලෙවි කිරීමට රැගෙන ආ ඩිසර් ලීටර් 6,600ක් රැගත් බවුසරයක් සමග සැකකරුවන් 04 දෙනෙකු මීගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, කර්මාන්ත ශාලාවලට ඉන්ධන වැඩි මිලට රැගෙන විත් දෙන බවට තොරතුරක් මත වැටලීම කළ බවයි.

උපාය දූතයින් යොදවා සැකකරුවන් රැගෙන ගිය ඩිසල් මිලදි ගැනීමට උත්සාහ කිරීමේදී මොවුන්  ඩීසල් ලීටරයක් රුපියල් 900 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී බවුසරයේ රියැදුරු, රිය සහායක සහ ඉන්ධන රැගෙන ඒමට කටයුතු කළ තැරැව්කරුවන් 02 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ නිලධාරීන් සමග එක්ව මෙම ජවාරම සිදුකර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර පුත්තලම, නාගමඩුව ප්‍රදේශයේ නිවසක තිබී ඩීසල් ලීටර් 200ක් ඊයේ (02) පස්වරුවේ සොයාගෙන තිබේ.

එම ඩීසල් අලෙවි  කිරීමේ බලාපොරොත්තුවෙන් ළඟ තබාගෙන ඇති අතර වනාතවිල්ලුව පොලීසිය විසින් එම පුද්ගලයා සහ ඩීසල් තොගය පොලිස් භාරයට ගෙන තිබේ.