ගාලු මුවදොර රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි නියෝග

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්..

by Hashini De Mel 03-08-2022 | 7:14 PM

COLOMBO (News 1st) - ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය අද (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය.

එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය. 

එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය දැනුම් දී තිබේ.

පොලිසිය පවසන්නේ 05 වැනි සිකුරාදා සවස 05 ට පෙර අනිවාර්යයෙන් මේ පියවර ගත යුතු බවය.