.webp)
-495699.jpg)
COLOMBO (News 1st) - කඩුගන්නාව, රත්මිවල ප්‍රදේශයේ සහ කුලියාපිටිය, අක්කර 40 ප්‍රදේශයේදී තරුණියක් සහ තරුණයෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, කඩුගන්නාව, රත්මිවල ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇති බවයි.
ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් පුද්ගලයෙකු එම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කුලියාපිටිය, අක්කර 40 ප්‍රදේශයේ පහර දී කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබේ.
උපන්දින සාදයකදී ඇති වූ ආරවුලක් දුරදිග යෑම ඝාතනයට හේතු වී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
