අපි අපිටම දීපයක් වෙමු! ඒ දීපාවලෝකයෙන් ශ්‍රී ලංකාද්වීපය ආලෝකවත් කරමු! - ජනපති

by Chathuranga Rajapaksha 03-08-2022 | 12:35 PM
COLOMBO (News 1st): 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය අද(03) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරනු ලැබිණි. සභාවාරය ආරම්භ කිරීම සදහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි. ඉන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුමේදී ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනමනු ලැබිණි. ඉතා චාම් අන්දමින් පැවති නව සභා වාරය විවෘත කිරිමේ උත්සවයට ආචාර වෙඩි මුර හෝ රථ පෙළපාලි ඇතුළත් නොවීය. පාර්ලිමේන්තුව ගොඩනැගිල්ලට පිවිසෙන පියගැට පෙලේ සිට පාසල් සිසුවියන් පිරිසක් ජනාධිපතිවරයාට ජයමංගල ගාථා ගායනා කරමින් ජනධිපතිවරයාට ආශිර්වාදය පළ කළේය. පෙරවරු 10.30 ට පමණ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි අතර තමන්ට වෙන් වු විශේෂ අසුනේ, අසුන් ගෙන ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබිණි. ජනාධිපතිවරයා එහිදි පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවය. ජනපති කළ සම්පූර්ණ කතාව..