.webp)
COLOMBO (News 1st) - අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇප මත මුදා හැරිණි.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ, සැකකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමටයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් රැට්ටා ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය මැයි 21 වැනිදා කොටුව බැංකු මාවත ප්‍රදේශයේදී පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝණය කළ බව පවසමිනි.
සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කෞශල්‍ය නවරත්න, නුවන් ජයවර්ධන ඇතුළු නීතීඥ මඩුල්ලක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.