යුපුන් මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළේ මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට

by Staff writer 02-08-2022 | 4:16 PM

COLOMBO (News 1st) – යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. 

මූලික වටයේ 6වැනි තරගයට සහභාගී වූ  යුපුන් අබේකෝන්  දැක්වූ දක්ෂතාව තත්පර 10.06 කි.  

මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගය හෙට (3) මෙරට වේලාවෙන් මධ්‍ය රාත්‍රීයේ පැවැත්වෙනු ඇති.