.webp)
COLOMBO (News 1st) - මුල්ලේරියාව බැංකුව හන්දිය ප්‍රදේශයේදී අද (02) සවස සිදුවූ වෙඩි තැබීමකින් මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයෙකු වන සුමුදු රුක්ෂාන් මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
ඝාතනයට ලක්වූ මන්ත්‍රිවරයා 42 හැවිරිදි වියෙහි පසුවිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා ඇති බවය.