නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයේ යළි දිවුරුම් දෙය

නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයේ යළි දිවුරුම් දෙයි

by Hashini De Mel 02-08-2022 | 6:00 PM

COLOMBO (News 1st) - වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද වේ. 

නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට පෙර දැරූ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජපානයේ තයිසේ සමාගම සමග සිදුකළ බව කියන ගනුදෙනු සම්බන්ධයෙන් නැගුන චෝදනා පිළිබඳව නිසි විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින්.

ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව සොයා බැලීමට විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කල අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව නිමල් සිරිපාල ද සිල්වා මහතා නැවත අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම අද සිදුවිය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන

''ඉදිරිපත් වූ සියලුම වාචික සාක්ෂි සහ ලිඛිත සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ නව පර්යන්ත ගොඩනැගිල්ල ඉදිරිපත් කිරීමේ කටයුත්තේ යෙදී සිටි ජපන් ඉදිකිරීමේ සමාගමක් වන තයිසේ සංස්ථාවන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා වරයා හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයෙක් විසින් හෝ ජපානයේ තයිසේ සංස්ථාව විසින් යම් අල්ලසක් ඇදීමේ කටයුත්තක යෙදීමෙන් තිබුණු බවට නිගමනය කිරීමට නොහැකි බවට මේ ත්‍රිපුද්ගල කමිටුවේ ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා කරලා තියෙනවා''