.webp)
COLOMBO (News 1st) - කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණයට යොමු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ, විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
රට තුළ යළි කොවිඩ් ව්‍යාප්තියට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් අවධාරණය කළේ ය.