කොටුව පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පෙරටුගාමී උද්ඝෝෂණය වළක්වන්නැයි, පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 02-08-2022 | 4:30 PM

COLOMBO (News 1st) – පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ අද සවස පැවැත්වීමට යන උද්ඝෝෂණය වළක්වන්නැයි, කොටුව පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා අධිකරණයට නියෝගයක් නිකුත් කළ නොහැකි බව පවසමිනි. 

උද්ඝෝෂණයේදී සාමය කඩවන අයුරින් කටයුතු කරන්නේ නම්, පොලිස් බලතල අනුව ක්‍රියා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා කොටුව පොලිසියට දැනුම් දුන්නේ ය.