රැට්ටා අත්අඩංගුවට

රැට්ටා අත්අඩංගුවට

by Staff Writer . 01-08-2022 | 7:21 PM

COLOMBO (News 1st) - රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අද ( 01 )  පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පැතුම් කර්නර් මහතා අත්අඩංගුවට ගැනීමට මුල්වූ සිද්ධියට අදාළව ස්වේච්ඡාවෙන් කටඋත්තරයක් ලබාදීමට රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියේ ය.

ඔහුගේ නීතිඥවරයා පැවසුවේ, එම අවස්ථාවේ එහි පැමිණි කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පිහිටි විශේෂ ඒකකයක නිලධාරියෙකු පැමිණ අත්අඩංගුවට ගත් බවය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව නීතිඥවරයා පැවසුවේය.

පොලිසිය පැවැසුවේ, පසුගිය මැයි 21 වැනිදා බැංකු මාවතේ පැවති විරෝධයක් අතරතුර පොදු දේපොළ  හානි කිරීමේ චෝදනා මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය රතිදු සේනාරත්න අත්අඩංගුවට ගත් බවයි.