බදුල්ල -  කොළඹ  රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

බදුල්ල -  කොළඹ  රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

by Staff writer 01-08-2022 | 4:33 PM

COLOMBO (News 1st) - අද(01)  රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ  බදුල්ල -  කොළඹ  රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව  සඳහන් කළේ, උඩරට දුම්රිය මාර්ගයේ  ගල්බොඩ, වලපනේ සහ   රොසැල්ල යන ප්‍රදේශවලදී  දුම්රිය මාර්ගයට ගල් පෙරලී ඇති බවයි.

මේ හේතුවෙන් බදුල්ල -  කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව  දුම්රිය දෙපාර්තමේනතුව  සඳහන් කළේ ය.