.webp)

COLOMBO (News 1st) – රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව සැකකෙරෙන ධානිෂ් අලි නමැත්තා ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියම කළේ ය.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේ, එදින මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්රකාශයට පත් කරන බවයි.
සැකකරු හෙට (02) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබිණ.
