.webp)

COLOMBO (News 1st); ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වේ.
ඒ, ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ත්‍රීෂූර් ප්‍රදේශයෙනි.
ප්‍රාන්ත සෞඛ්‍යය අමාත්‍යවරිය උපුටා දක්වමින්, එරට මාධ්‍ය වාර්තා කළේ, පසුගිය සෙනසුරාදා මියගිය තරුණයෙකුගේ සාම්පල පරික්ෂාවේදී ඔහු මන්කිපොක්ස් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බවයි.
මිය ගොස් ඇත්තේ, 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉන්දියාවට පැමිණි අයෙක් බව, විදෙස් වාර්තාවල සඳහන් ය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කළ පරික්ෂා කිරීම්වල ප්‍රතිඵල අනුව, ඔහු මන්කිපොක්ස් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබේ.
