.webp)
COLOMBO (News 1st) – QR ක්‍රමවේදයට මෙතෙක් අනුගත නොවූ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමේ ප්‍රමුඛතාව ලබා නොදෙන බව, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.
එම සංස්ථාව සඳහන් කළේ, අදාළ ක්‍රමවෙදයට කඩිනමින් අවතීර්ණ වන්නැයි, සියලු පිරවුම්හල් වෙත දැනුම් දී ඇති බවයි.
තාක්ෂණික කරුණු මත පදනම්ව මේ වනවිට ඉන්ධන පිරවුම්හල් 50 කට ආසන්න සංඛ්‍යාවකවට QR ක්‍රමවේදයට අවතීර්ණ වීමට නොහැකි වී ඇතැයි, සංස්ථාව පැවසුවේ ය.
අදාළ ගැටලු නිරාකරණය කිරීමට අදාළ මැදිහත්වීම් මේ වන විටත් සිදුකරමින් ඇතැයි, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව ප්‍රකාශ කළා.
මේ අතර, QR කේත ක්‍රමය හෙවත් ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව හෙට(01) සිට දිවයින පුරා ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ, අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද මින් ඉදිරියට වලංගු නොවන බවයි.
චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි වාහන භාවිත කරන්නන්ට අද සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි ය. .