.webp)
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට වඩා වෙනස් සංශෝධන ඇතුළත් කරමින් මෙම නව කෙටුම්පත සකස් කර ඇති බවයි.
අමාත්‍යවරුන් පත් කිරීම, ඉවත් කිරීම ඇතුළු බලය තවදුරටත් ජනාධිපතිවරයා වෙත තබා ගනිමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 22 සංශෝධන පනත් කෙටුම්පතය එක් කළ අතුරු විධිවිධාන නව සංශෝධනය මගින් ඉවත් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.