.webp)
COLOMBO (News 1st) – රත්මලාන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කටුනායක ගුවන්තොටපුලේදී ඩුබායි බලා පිටත්වයාමට පැමිණි අවස්ථාවේදී ය.
ඊයේ(30) රාත්‍රියේ එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 31 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 19 හැවිරිදි කාන්තාවකි.
සැකකරුවන් පසුගිය 27 වැනිදා රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුව සම්බන්ධ බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , එම ඝාතන සිද්ධියෙන් පසුව සැඟව සිට ඇති බවයි.
ඩුබායිහි රැදී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයකට මෙම සැකකාර යුවල සම්බන්ධ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර යුවලට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබුණි.
ඒ අනුව ඊයේ රාත්‍රි ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේ සැකකරුවන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනිණ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.