දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..

නිරිතදිග මෝස්ම් තත්ත්වයේ සක්‍රීය වීමක් , දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..

by Staff writer 31-07-2022 | 5:24 PM

COLOMBO (News 1st) –  නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් හෙට (01) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි දින කිහිපයේ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවලත් , දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මේ අතර,  බස්නාහිර , උතුරු හා වයඹ පළාත්වලත් , මහනුවර ,නුවරඑළිය , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.