.webp)
මින් ඉදිරියට සුවිශේෂී කාරණයක් හැරෙන්නට කිසිම සංගමයක ප්‍රධාන තීන්දු තීරණ ගන්නා නිලධාරීන් සහ අමාත්‍යාංශයේ නිලධාරීන් ක්‍රීඩා තරගමාලා නියෝජනය නොකළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දන්වා සිටී.
ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එසේ සහභාගි වීමෙන් අනවශ්‍ය වියදමක් ද සිදුවන බවයි.
ක්‍රීඩා සංගම්, ජාත්‍යන්තර සංගම් සමග කටයුතු කිරිමේදී විශේෂ වැඩසටහන්, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කටයුතු සඳහා සහභාගී වන්නේ නම් ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් කලින් ලබා දී ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කළ බවට එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සබැදි වාර්ථාව
1. තෝරගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් සියලුම රටවල මලල ක්‍රීඩා සංගම් වෙත ඉදිරිපත් කරන ලදි. මෙම තර
ඟ
ාවලිය වසර දෙකකට වතාවක් වයස අවු: 20 පහළ බාලක බාලිකාවන් සඳහා පැවැත්වේ.
2. මේ වසරේ මෙම තර
ඟ
ාවලිය කොලොම්බියාවේ කාලි නගරයේ අගෝස්තු මස 01 වන දින සිට අගෝස්තු මස 08 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදි.
3. මේ සඳහා සුදුසුකම් සැපුරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් සියලු සාමාජික රටවල් සඳහා එක් එක් ඉසව් වෙන් වෙන් වශයෙන් පරිසාධන මට්ටම් ඉදිරිපත් කර ඇත. එම මට්ටම් සඳහා ලගාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සුදූසුකම් ලබනු ඇත.
4. කෙසේ වෙතත් මේ සඳහා සුදුසුකම් ලැබූවද එක් රටක් මගින් එක් ඉසව්වක් සඳහා දෙදෙනෙකු පමණක් සහභාගී කරවීමට හැකි අතර, විවිධ ඉසව් සඳහා ඒ අතුරින් දකෂතාවයන් වෙතින් උපරිම දකෂතාවයන් සඳහා ලගාවී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සුදුසුකම් ලබයි.
5. උදාහරණයක් වශයෙන් මී 100 තරගය සඳහා තරගකරුවන් 56 දෙනෙකු පමණක් සියලුම සාමාජික රටවල් අතුරින් තෝරාගනු ලබයි. දුර පැනීම ඉසව්ව සඳහා තරගකරුවන් 28 දෙනෙකු පමණක් තෝරාගනු ලබයි.
6. සුදුසුකම් ඇති ක්‍රීඩක ක්‍රීඩීකාවන් තෝරාගැනීම සඳහා මලල ක්‍රීඩා සංගමය විසින් තේරීම් තරග ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ වශයෙන් තරගාවලි තුනක් පිළිවෙලින් පෙබරවාරි මස 09, මාර්තු මස 08 සහ 09, මැයි මස 09 සහ 10 සුගතදාස සහ දියගම ක්‍රීඩාංගණයන්හි පැවැත්වෙන ලදි.
7. ආරම්භයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු පරිසාධන මට්ටම් අභිබවා සුදුසුකම් ලබාගන්නා ලදි. එම අයවළුන් අතුරින් දෙදෙනෙකු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පැවති අසනීප තත්වයන් හේතුවෙන් සහභාගී වීමට නොහැකි විය.
8. පසුව මෙම අයවළුන් අතුරින් 07 දෙනෙකුගේ නාමයෝජනා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද නාමලේඛණය පහත සදහන් පරිදි වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්:
තරුෂි කරුණාරත්න -
400/800 m
X
හිරුෂ හෂේන්
-
දුර පැනීම
X
රුමේෂ් තරංග - හෙල්ල විසිකිරීම
නදුන් කවීෂ බංඩාර -
110 m
කඩුළු
අමේෂා හෙට්ටිආරච්චි -
400 m
කඩුළු
පසිදු මල්ෂාන්
-
තුන් පිම්ම
ධනුක දර්ශණ
-
400 m
කඩුළු
කාර්ය මණ්ඩලය
:
1.
භද්‍රා
ගුණවර්ධන
මහත්මිය
-
පුහුණුකරු
හා
කාන්තා
කණ්ඩායම්
භාර
නිලධාරිණි
2.
සුසන්ත ප්‍රනාන්දු මහතා - කළමණාකරු
9. ඉහත
X
ලකුණින් දක්වා ඇති ක්‍රීඩිකයා සහ ක්‍රීඩිකාව සඳහා ලෝක මලල ක්‍රීඩා වෙතින් ගුවන් ප්‍රවේශ පත්‍ර හා නේවාසික පහසුකම් නොමිලේ ලබාදෙන බව දන්වා ඇත. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වෙතින් ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමයෝජනාවන් ලෝක මලල ක්‍රීඩා වෙත යොමුකර ඇත.
10. රටේ පවතින ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් ඉහත
X
ලකුණින් දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාව හැර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගී වීම අවනිශ්චිත බව දැනගැනීමෙන් පසු ගරු ක්‍රීඩා අමාත්‍ය තුමා එතුමාගේ කාර්යාලයේදී ජුලි මස මුල් සතියේ හමුවී මේ පිළිබඳ ගරු ක්‍රීඩා අමාත්‍ය තුමා වෙත පැහැදිලි කිරීමක් දෙමව්පියෙකු සහ පුහුණුකරුවෙකු විසින් සිදුකරන ලදි. එම අවස්ථවේදී අධ්‍යක්‍ෂක ජනරාල් ක්‍රීඩා සංවර්ධන ද සහභාගී වන ලදි. එහිදී මෙම තර
ඟ
ාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත් ගරු අමාත්‍යවරයා තත් ක්‍රීඩාවේ මෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගත අභිවෘද්ධය උදෙසා සෙසු සියලුම දරුවන් අදාළ තර
ඟ
ාවලිය සඳහා සහභාගී කරවීමට අවැසි ප්‍රතිපාදන ක්‍රීඩා සංවර්ධන අරමුදල මගින් ලබාදෙන ලෙස අධ්‍යක්‍ෂක ජනරාල් ක්‍රීඩා සංවර්ධන වෙත උපදෙස් ලබාදුන් අතර, ඒ පිළිබඳ සොයාබලා අවශ්‍ය පහසුකම්, තොරතුරු හා මැදිහත්වීම සිදුකරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාටද දැනුම්දී ඇත.
11. තවද, 2022 ජුනි මස 30 වන දින ජාත්‍යන්තර තරගාවලි තුළින් ජයග්‍රහණ ලබාගැනීම සඳහා ක්‍රියාත්මක කල යුතු ඉදිරි සැලසුම් හා ඒ සඳහා අමාත්‍යාංශයේ දායකත්වය කෙසේ විය යුතුද ක්‍රීඩා
සංගම්/සම්මේලන
වල නිලධාරීන් හා පුහුණුකරුවන් සමග සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ශ්‍රවණාගාරය තුළ අමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
12. තත් සාකච්ඡාව සඳහා ශ්‍රේණිගත කිරීම්වල බී කණ්ඩයේ සිටින අනෙකුත් සංගම්/සම්මේලන හා ජාතික මලල ක්‍රීඩා සංගමයේ නිලධාරින්, මහත් මහත්මීන් හා පුහුණුකරුවන් සහභාගී වූහ. එම සාකච්ඡාවේදීද උක්ත තර
ඟ
ාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ආර්ථික අපහසුතා මත සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තත් තර
ඟ
ාවලිය සඳහා සහභාගී කරවීමට අවැසි කටයුතු කඩිනමින් දෙසතියක් තුල සිදුකරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා යන මහත්ම මහත්මීන් හටද උපදෙස් ලබාදී ඇත.
13. එහෙත් අදාළ උපදෙස් අනුව අපේක්‍ෂිත පරිපාලනමය කටයුතු සිදු නොකිරීම තුළින් අපහසුතාවයට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා බලවත් ලෙස කණගාටු වන බවත් තත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ තර
ඟ
ාවලිය සඳහා සහභාගී කරවීමට අවශ්‍ය ටිකට්පත් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමින් මැදිහත් වෙමින් කටයුතු කරමින් සිටි. ඒ අනුව එම දරුවන් සියලුදෙනා තර
ඟ
ාවලිය සඳහා පිටත් කර හැරීමට තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මැදිහත්වීමෙන් කටයුතු කරන බව දන්වා සිටිමි.
14. ඒ අනුව, අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයන් කොටස් දෙකකට තර
ඟ
ාවලිය සඳහා සහභාගී කරවීමට අවැසි කටයුතු පහත සඳහන් පරිදි සිදුකර ඇත.
2022.07.30 වන දින තර
ඟ
ාවලිය සඳහා සහභාගී වන අයවළුන්
:
1. තරුෂි කරුණාරත්න
2. හිරුෂ හෂේන්
3. නදුන් කවීෂ බංඩාර
කාර්ය මණ්ඩලය
:
1. භද්‍රා ගුණවර්ධන මහත්මිය
2022.07.31 වන දින තර
ඟ
ාවලිය සඳහා සහභාගී වන අයවළුන්
:
1. රුමේෂ් තරංග
2. අමේෂා හෙට්ටිආරච්චි
3. පසිදු මල්ෂාන්
4. ධනුක දර්ශණ
කාර්ය මණ්ඩලය
:
1.
සුසන්ත ප්‍රනාන්දු මහතා