.webp)
COLOMBO (News 1st) - 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග එංගලන්තයේ බර්මින්හම්හිදී අද (31) තුන්වන දිනටත් පැවැත්වෙයි.
එහි ශ්‍රී ලංකා පිරිමි පැසිපන්දු කණ්ඩායම ඔස්ට්‍රේලියාව සහ කැනඩා කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතය.
මේ අතර රුචිර ප්‍රනාන්දු ජිම්නාස්ටික් තරගවලට අද සහභාගි වේ.
එමෙන්ම ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා බිච් වොලිබෝල් කණ්ඩායම්ද අද තරග බිමට පිවිසීමට නියමිතය.
ඒ නුව පිරිමි බිච් වොලිබෝල් කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමගත් කාන්තා කණ්ඩායම කැනඩාව සමග තරග වදිනු ඇති.
මේ අතර බර ඉසලීම ඉසව් සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී සහභාගි වනුඇත.
2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි පැවැති තරගය එංගලන්තය කඩුලු 5 කින් ජය ගැනීමට සමත් විය.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම්ද ඊයේ (30) දිනයේ සහභාගි වූ තරග පරාජයට පත්විය.